සත්‍යයේ පුවත් අඩහැරය….

රටට හානිකර සිංගප්පූරු වෙළද ගිවිසුම වහාම බල රහිත කරන්න – “රට සුරකින ජන පවුර” සංවිධානය

Podu Jana Peramunaරටට දැවැන්ත හානියක් සිදුවන, පසුගිය රජය විසින් අත්සන් කරන ලද සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම වහාම බල රහිත කර රටට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව ජාත්‍යන්තර වෙළද ගිවිසුම් සදහා එළඹෙන්නැයි රට සුරකින ජන පවුර සංවිධානය බලධාරීන්ට අවධාරණය කර සිටියි. ඊයේ (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් සමන්ත ආන්නද මහතා පවසා සිටියේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කරන තෙක් රටේ ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයන් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් නොදැන සිටි බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වීම තුළින් ශ්‍රී ලංකාවේ සේවා හා රැකියා අංශයන් විදෙස් රටවලට විවෘත වන බවත් මෙවැනි අහිතකර ගිවිසුම් වලට එරෙහිව දිගින් දිගටම කටයුතු කරන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද සහභාගි වෙමින් අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට