හෙරොයින් සමග පුද්ගලයෙකු දැලේ..
හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගාල්ල වරාය කටුගොඩ ප්‍රදේශයේදී දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 52 හැවිරිදි සැකකරු අද (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.