සත්‍යයේ පුවත් අඩහැරය….

අද ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ උතුර යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින “ගජ” සුළි කුණාටුව කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 700 ක පමණ දුරින් ස්ථානගතව පවතින අතර එය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි. මේ හේතුවෙන් ඉදිරි දිනයන් තුළ පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළ ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයන්හි සුළගේ වේගය ඉහළ යනු ඇති අතර මුහුදද ඉතා රළුවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට