ඩොලරය රුපියල් 178 ක් දක්වා ඉහළ යයි..
රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 ක් දක්වා ඉහළ ගොසු ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) නිකුත් කර ඇති දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව මෙම විකුණුම් මිල සටහන්ව ඇති ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 174.10 ක් ලෙසද විකුණුම් මිල රු. 177.32 ක් ලෙසද සටහන්ව ඇත. අදාළ ප්‍රමාණයන්ගෙන් ඩොලරයක මිල ඉහළ යාම මෙරට ඉතිහාසයේ පළමු වරට සිදුවී ඇත.