“ගජ” නිසා යාපනය පාසැල් වලට අද නිවාඩු..
යාපනය දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් සදහා අද (16) නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය අනාවරණය කර සිටින්නේ “ගජ” සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම පුත්තලම, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට තද වැසි සහ සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.