සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායකවරයා, අගවිනිසුරුට ලිපියක් යවා නෑ, කථානායක මාධ්‍ය අංශය අවධාරණය කරයි..

Podu Jana Peramunaඅගවිනිසුරු නලින් ජයලත් පෙරේරා මහතාට කථානායකවරයා විසින් ලිපියක් යොමුකළ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව කථානායක මාධ්‍ය අංශය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය පවසා සිටින්නේ සමාජ ජාලා මාධ්‍යයන් තුළ පැතිර යන, කථානායකවරයා විසින් අගවිනිසුරු නලින් ජයලත් පෙරේරා මහතාට යොමුකළ බව පැවසෙන ලිපිය සාවද්‍ය බවයි. 2018.11.20 දින අදාළ ලිපිය නිකුත් කළ බව දැක්වෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37.2 අනු ව්‍යවස්ථාව අනුව වත්මන් ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට හා පත්කිරීමට තාවකාලිකව නොහැකි වී ඇත්දැයි අගවිනිසුරුවරයාගෙන් විමසන බව එම ලිපියෙහි සඳහන් වෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අගවිනිසුරුගේ මතය ලිඛිතව දැනුම් දෙන ලෙස මෙන්ම අනවශ්‍ය ලෙස ජනතාව කැළඹීමකට ලක්නොවනු පිණිස අදාළ ක්‍රියාමාර්ග අවසන් වෙන තුරු මෙම ලිපිය ප්‍රසිද්ධ නොකරන ලෙසද මෙම ලිපියෙහි සඳහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට