සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ..

Podu Jana Peramunaජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේපාර්ලිමේන්තුවේ දී සභාව අමතමින්ය. ජනතා විමුක්ති පෙරමුණ ලෙස කිසිදු පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිරීමට සුදානම් නොමැති බවත්, සිදු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා යටත් කිරීම පමණක් බවත් ඔහු පවසයි. කැමති හෝ අකමැති සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟවිය යුතු බවත්, එය ජනාධිපතිවරයාගේ සිට සියලු සිවිල් පුරවැසියන්ට පොදු වුවක් බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා යටත් කිරීම සඳහා මෙම අරගලය ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන බව ද ඔහු සඳහන් කරයි.එනිසා විජේදාස රාජපක්ෂ මහතා අද දිනයේ දී සභාව අමතමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කථානායකවරයාට මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අනෝන්‍ය සුහත්වයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි නමුත් එවැන්නක් සිදු කර විසඳුම් ලබා ගැනීමට මෙය කිසිසේත් ඕපපාතික තත්ත්වයක් නොව මෙය හිතා මතා සිදුකල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බව ද කියා සිටියේය.එනිසා සිදු කල යුතුව ඇත්තේ, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වීම පමණක් බව ද දිසානායක මහතා සඳහන් කරයි.අද වන විට ආණ්ඩු දෙකක් රට තුළ පවතින බවත්, ඒ තුළින් ජනතාව ආණ්ඩු දෙකක් නඩත්තු කිරීමට මහත් වෙහෙසක් දරමින් බදු ගෙවීමට සිදුව ඇති බව ද පැවසීය. අගමැතිවරුන් දෙදෙනෙක් නඩත්තු කිරීමට මහජනයාට සිදුව ඇති බවත්, එවැනි දෙයක් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට