සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතක දී කිසිදු පත් කිරීමක් සිදු කර නැත, සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා …

Podu Jana Peramunaශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතක දී විශේෂ පත් කිරීමක් සිදු කරනු ලැබ ඇතැයි සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය ආයතනය හා වෙබ් අඩවි කිහිපයක් සත්‍යයෙන් තොර කරුණු අඩංගු පුවතක් පළ කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි. එම පුවත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා එහි කළමණාකාරීත්වයේ ගෞරවයට, කීර්තිනාමයට හා විශ්වසනීයත්වයට අනර්ථකාරී බලපෑමක් සිදු විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි. ඒ අනුව තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත් කිරීමක් සිදු කර නොමැති බවද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කිසිදු නිළධාරියකුගේ පත් වීමක් ස්ථීර කිරීමට පියවර ගෙන නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට