සත්‍යයේ පුවත් අඩහැරය….

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය…

Podu Jana Peramunaකඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් එහි සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර අැත. කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි ආකාරයේ අලාභ හානියක් සිදුකර ඇති බව ඒ මහතා සදහසන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම්කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා කටයුතු කිරීමේදී මෙම හානිය සිදුකර ඇත.

මෙම ජාවාරම්කරු මුදල් වැයකර, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කාර්යයට යොදවා ගෙන ඇති බව දැනගැනිමට ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු යන්ත‍්‍ර සූත‍්‍ර ද යොදාගෙන සිදුකරන මෙම විනාශය වහාම වැලැක්විය යුතු බවත් මේ වනවිට එස්. 3 වර්ගයේ 613 දරණ එන්ජිම, දොඹකරය හප්පා කඩාදමා ඇති අතර, ලංකාවේ පළමු දුම්රිය මැදිරිය හරි මැදින් කඩාදමා ඇති බවත් තවත් පෞරාණික වටිනාකමින් යුත් දුම්රිය දේපල රාශියක්ම විනාශකර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට මිළ කළ නොහැකි හානියක් සිදුකර ඇති බව එම සංගමය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට