හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 660ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබේ. බදුල්ල, හිඳගොඩ ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රීයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා 57 හැවිරිදි අයෙක් බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මෙම පුද්ගලයා අද (01) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.