සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කල යුතුයි – නලීන් බණ්ඩාර ..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා නොවන නිසා ඔහුට ලබා දුන් අමතර ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස්නපතිගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අද(04) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ය. එහිදි එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක් වන නිසා  ඔහුගේ ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කිරීමට ඉල්ලීම් නොකරන බවත් අග්‍රාමත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ලබාදුන් අමතර ආරක්ෂාව ඉවත් කරන මෙන් ඉල්ලීම් කරන බවයි. පසුගිය ඔක්තොම්බර් 26 වනදායින් පසු නව අගමැතිවරයෙක් පත්වීමේන් අනතුරුව පොලිස්පතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ සිට මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයට පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වී පසුගිය ඊනියා ආණ්ඩුවේ ඇමති වරුන්ගේද ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට