පාසැල් නිවාඩුව නිසා අද සිට කොළඹ කොටුව සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවයක්..
අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ බදුල්ල යන දුම්රිය ස්ථාන අතර අමතර දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේනතුව අනාවරණය කර සිටියි. පාසල් නිවාඩු කාලය හේතුවෙන් මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව අද උදෑසන 07.30 සිට කොළඹ කොටුව සිට බදුල්ල තෙක් දිනක් හැර දිනක් ලෙස ධාවනය කෙරෙනු ඇත.