හෙට පාර්ලිමේන්තුව ගැන මෙෙත්‍රී සහ රනිල් පාර්ශව අද වෙන වෙනම සාකච්ඡා..
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායම අතර අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. අද රාති‍්‍රයේදී ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව අැති අතර රට තුළ මේවන විට උද්ගතව අැති දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු අැත.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ද අද (11) රාති‍්‍රයේදී අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමට නියමිතව අැති බව පක්ෂ අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. හෙට (12) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන බව පක්ෂ අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.