සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපතිගේ පොරොන්දුව මත වතු කම්කරුවෝ යලිත් සේවයට …

Podu Jana Peramunaවතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් දින 8 ක් පුරා වතු කම්කරුන් විසින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අවසන් කර අද (12) දින සිට සේවයට වාර්තා කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා අවධාරණය කරයි. වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (11) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවති අතර එහිදී ජනාධිපතිවරයා විසින් සදහන් කර ඇත්තේ ලබන 19 වන දින වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡාවක් පවත්වා අදාළ ගැටලුවට විසදුමක් ලබා දීමට කටයුතු කරන බවයි. ඒ අනුව වතු කම්කරුවන් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට