මරදානේදී දුම්රියක් පීලිපනියි..
අද (13) උදෑසනදී මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. දුම්රිය ස්ථානයේ 07 සහ 08 යන වේදිකා අතරදී මෙම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇත. මෙම පීලිපැනීම නිසා සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි.