එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද විශේෂ සාකච්ඡාවක..
ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 07.00 ට මෙම සාකච්ඡාව පැවැත්වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය සම්බන්ධයෙන් අද සවස ලැබීමට නියමිතව ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්ම අදාළ තීන්දුවෙන් පසු කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී කරුණු දැක්වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.