හෙරොයින් සන්තකයේ තබාගත් තරුණයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට..
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර දිසා බුද්ධි අංශයේ නිළධාරින්ට හැකිව තිබේ. ඊයේ (13) සිදුකරන ලද මෙහෙයුමකදී පෑලියගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇති තරුණයා වහරක ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු වන අතර කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර මෙම සැකකරුවන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.