සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaකොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට 16 වනදා සවස 06.00 දක්වා පැය 18 ක කාලයක් ඇතුල් කොට්ටේ, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල කොස්වත්ත මෙන්ම රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා වන ප්‍රධාන මාර්ගය ඇතුළු ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගයන්හි ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි. අත්‍යාවශය නඩත්තුවක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට