නැගෙනහිර මුහුද ආශ්‍රිතව රළු ස්වභාවය නිසා පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වැසෙයි..
පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට තිරණය කළ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නැගෙනහිර මුහුද ආශ්‍රිතව මේ දිනවල පවතින රළු ස්වභාවය නිසා මෙම තීරණය ගත් බවත් ඒ අනුව පරෙවි දූපත ජාතික උද්‍යානය යළි විවෘත කරනු ලබන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.