සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමට සම්බන්ධ සියළුදෙනාට

Podu Jana Peramunaසිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කර ගිවිසුම සම්බන්ධයෙන් වන සත්‍ය තතු රටට හෙළිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පුදකරන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසා සිටියි. ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් කපිල පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම මෙරට නීතිරීතින්ට පටහැනි වන අතර එහි අන්තර්ගතය වැරදි සහගත බව අදාළ කමිටු වාර්තාවේ සදහන්ව ඇති බව ජනාධිපතිවරයා විසින් පවසා සිටි බවයි. මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා ලෝක වෙළද සංවිධානයේ මෙන්ම මෙරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා හිමිවී නොමැති බැවින් අදාළ ගිවිසුම අත්හිටුවිය යුතු ගිවිසුමක් වන බවට තොරතුරු හෙළිව ඇති බවච කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

ඒ අනුව සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම වහාම අහෝසි කිරීමට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි මෙන්ම ජාත්‍යන්තර වෙළද ගිවිසුම සදහා එළඹෙන්නේ නම් ඒ සදහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කපිල පෙරේරා මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්වෙමින් සිය අදහස් පළකළ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සාමාජික නාලක ජයවීර මහතා අවධාරණය කර සිටියේ රටට අහිතකර ලෙස සිංහප්පූරු නිදහස් වෙළද ගිවිසුම සකස් කරන ලද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. එවැන්නක් සිදුනොවන්නේ නම් ජනතාව සමග වීදි බැස විරෝධතා දැක්වීමට කටයුතු කරන බවද නාලක ජයවීර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ භාණ්ඩාගාරික සුනිල් ලියනාරච්චි, රජයේ ආයුර්වේද වෛදවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට