සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් පාලනය යටතේ පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්වෙලා – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂය, මැතිවරණයක් පැවැත්වීම පසෙක ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළයුතු බව පවසා සිටින අතර මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විකෘති ස්වභාවයකට පත්ව ඇති බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වැඩිදුරටත් සය අදහස් පළකරමින් ඒ මහතා පවසා සිටියේ අද වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව රටට අහිතකර යෝජනාවන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

විවිධ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති රවී කරුණානායක මහතාට, රටේ ඉතා වැදගත් අමාත්‍යධූරයක් හිමිව ඇති බවත් රට තුළ උද්ගතව ඇති වංචාව සහ දූෂනයට එරෙහිව කටයුතු කිරීම සදහා වත්මන් ආණ්ඩුව බලයට පත්කරගත් බව පවසන ඇතැම් සිවිල් සංවිධාන මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි විමසා සිටීමට සිදුවන බව ද ගෙවිදු කුමාරතුංග මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මහමැතිවරණයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු අනූප පැස්කුවල් මහතා පවසා සිටියේ මහ මැතිවරණයක් පැවැත්වීමට වත්මන් ආණ්ඩුව වහාම කටයුතු කළයුතු බවත් එසේ නොවන්නේ නම් මහ මැතිවරණයක් දිනාගැනීමේ සටන අද සිටම ආරම්භ කරන බවයි. ඒ සදහා ජනතාව පෙළගස්සවන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. එක්සත් ජාතික පක්ෂය තවදුරටත් බලයේ රැදීසිටියහොත් රට අරාජික වීම වැළැක්විය නොහැකි වන බැවින් වත්මන් ආණ්ඩුවට එරෙහි බලවේගයන් සියල්ල ඒකරාශි කරගනිමින් වහාම මහා මැතිවරණයක් දිනාගැනීම සදහා වන සටන දියත් කරන බවද වැඩිදුරටත් සිය අදහස් දක්වූ පැස්කුවල් මහතා කවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට