සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවට එරෙහිව මෛත්‍රීපාල – මහින්ද සමග එක්ව ආරම්භ කළ දේශපාලන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ආරම්භ කර ඇති දේශපාලන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. ඊයේ (03) නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, සිය මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවටත් පක්ෂයේ යාවජීව උපදේශකවරයා ලෙස තමන් කටයුතු කරන බවටත් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා පුළුල් සන්ධානයක් ගොඩනැගෙනු ඇති බවත් ඒ සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහය ලැබෙනු ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ පසුගිය දින 50 ක පමණ කාලයක් පැවති ආණ්ඩුව විසින් ඇමෙරිකානු ඩොලර් 8 ක් පමණ වන මෙරට විදෙස් සංචිත වැයකිරීමට කටයුතු කර ඇති බවට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති ප්‍රකාශය සාවද්‍ය බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන සති වාර්තා දෙස අවධානය යොමුකිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ අදාළ ප්‍රකාශය සාවද්‍ය බව මනාව පැහැදිලි වන බවද බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී. ඒ අනුව අදාළ ප්‍රකාශය නිවැරදි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළයුතුව ඇති බවත් මෙවැනි ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව බවත් බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යධූරය ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් රවීකරුණානායක මහතාට ලබාදෙන ලද පොරොන්දුව එක්සත් ජාතික පක්ෂය තුළින්ම පැනනැගුනු විරෝධතාවය හේතුවෙන් එම පොරොන්දුව ඉටුකිරීමට නොහැකිවූ බවයි. වත්මන් ආණ්ඩුව තවදුරටත් පැවතියහොත් රට විනාශ වීම වැළැක්විය නොහැකි බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බවත් එස්.බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට