හෙරොයින් සමඟ තරුණයින් දෙදෙනෙකු පානදුරදී අත්අඩංගුවට..
හෙරොයින් ග්‍රෑම් 28 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට හැකිවී තිබේ. පානදුර, අරුක්ගොඩ වටරවුම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තරුණයින් දෙදෙනාෙ මොරටුව සහ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 20 සහ 22 වයස්වල පසුවන්නෝ බව වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා අද (05) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.