සාමාන්‍ය පෙළ ඇගයීම් සදහා පාසල් 04 ක් වැසේ..
කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය යන පාසල් 04 අනිද්දා (08) සිට ලබන 17 වනදා තෙක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් මෙම පාසැල් වසා තැබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.