මුහුදේ දිය නෑමට ගොස් රුසියානු ජාතිකයෙකු මිය යයි..
මුහුදේ දිය නෑමට යාමෙන් හික්කඩුවේදී රුසියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. හික්කඩුව නගරය ආසන්නයේ හෝටලයක් තුළ නතරව සිටි මෙම විදේශිකයා ඊයේ (06) රාත්‍රී කාලයේ හික්කඩුව නගරය ආසන්න මුහුදු තීරයේ දියනෑමේදී දියේ ගිලී මියගොස් තිබේ. වයස අවුරුදු 48 ක්වූ මියගිය රුසියන් ජාතික පුද්ගලයාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.