ශ‍්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගය හෙට, කණ්ඩායම් දෙකේම වෙනස්කම්..
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එකදින තරගය හෙට (08) පැවැත්වීමට නියමිව ඇත. හෙට තරගයේදී කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රි ලංකා කණ්ඩායමේ අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න වෙනුවට දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර යන් ක්‍රීඩකයින් දෙපළ එක්වනු ඇත බවට වාර්තා පළවී ඇත. නවසීලන්තය මේ වන විටත් තරගාවලිය 2-0 ක් ලෙස ජයගෙන ඇත.