සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයින් 8 ක් ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.කෙසෙල්වත්ත, බදුල්ල, යක්කල සහ පානදුර යන ප්‍රදේශයන්හි සිදුකරන ලද වැටලීම්වලදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත ‍ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට හැකිවී ඇති අතර එම සැකකරුවෙන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 840 ක් සහ ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 410 ක් අත්අඩංගුවට ගෙන ඇත. බදුල්ලේදී දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන් විසින් හෙරොයින් සමග පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 705 ක් මෙහිදී සොයාගැනීමට එම නිලධාරීන්ට හැකිව තිබේ. හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 560 ක් සන්තකයේ තබාගෙන සිටි එක් අයෙකු යක්කලදී අත්අඩංගුවට ගෙන ඇත. යක්කල පොලිසියේ නිලධාරීන් විසින්බේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුරදී අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 100 ක් තිබී ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට