සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෛත්‍රී , මහින්ද සන්ධානයට සහය දෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් කිහිප දෙනෙකු පමණක් එක්වී පසුගිය දා සිය දේශපාලන මතය හෙළිදරව් කළ අතර එය පක්ෂයේ අර්බුදයක් ලෙස හැදින්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින් මෙම අදහස් දක්වන ලදී.

ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ඉදිරියේදී ගොඩනැගීමට නියමිතව ඇති පුළුල් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ පුර්ණ සහය ලබාදෙන බවයි. වත්මන් ආණ්ඩුව මෙරට මාධ්‍ය ආයතනයන් වෙත සිදුකරනු ලබන විවිධ කර්ජන සහ පහරදීම් දැඩිව හෙළා දකින බව ද ශාන්ත බණ්ඩාර මහතා කවදුරටත් පවසා සිටින ලදී.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන අතර එක්වරක් වැරදුනු බැවින් යළිත් එතුමිය එවැනි වරදක් සිදු නොකරනු ඇති බවත් ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී පවසා සිටින ලදී. පසුගිය වසරේ ජනාධිපතිවරයා විසින් ගන්නා ලද දැඩි තීරණය එතුමාගේ පුද්ගලික දේශපාලන වාසි ලාබාගැනීම සදහා නොව රට සහ ජාතිය ගැන සිතා ගන්නා ලද අසීරු තීරණයක් බව ද ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සිය අදහස් පළකරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් එරික් ප්‍රසන්න වීරවර්ධන, මාධ්‍ය ලේකම් ලකිදු ගජසෙන් සහ ක්‍රීඩා සහ අධ්‍යාපන අංශයේ නියෝජිත සජිත් මෙන්ඩිස් යන මහත්වරුන් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට