සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමූ ආණ්ඩුව සතුව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නිසි වැඩපිළිවෙළක් නෑ – ජාතික වෘත්තීය සමිති පෙරමුණ

Podu Jana Peramunaකිසිදු ආණ්ඩුවක් විසින් සිදුනොකළ පරිදි රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ දැමීමට කටයුතු කර ඇති නමුත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සදහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි.

සිය අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් පවසා සිටියේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සදහා කඩිනමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය සේවකයින් පුහුණු කිරීම සදහා සුදුසු ආයනයක් පිහිටුවන ලෙස මෙරට වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් ද බලධාරින් සිය අවධානය යොමු කර නොමැති බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මෙරට පැවති වැඩවසම් වැටුප් ක්‍රමය, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග අහෝසිව ගිය අතර රාජපක්ෂ පාලන ක්‍රමය තවදුරටත් රට තුළ පැවතියේදී අද වන විට මෙරට රාජ්‍ය සේවකයින් ලබා ඇති වැටුප් වැඩිවීමට ඔවුන් කිසිදු අයුරකින් හිමිකම් නොකියනු ඇති බවද සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර සිටින ලදී. මෙරට රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව නිකුත්ව ඇතත් මෙතෙක් එය ජනසතු කර නොමැති බවද රත්නප්‍රිය මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති සම්පත් රාජිත, රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමයේ සභාපති ටී.එන්. සුජීව මංගල සහ අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක නජිත් සුමනසේන යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට