සත්‍යයේ පුවත් අඩහැරය….

සියළු යහපත් පැතුම් ඉටුවන, වාසනාවන්ත සමෘධිමත් තෛපොංගල් සැමරුමක් වේවා – ගරු කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaතුති පිදීම, පරෝපකාරය, සාමූහිකත්වය මෙන්ම පොදු සමාජය වෙත සමෘධිය ප්‍රාර්ථනා කිරීම වැනි වැදගත් හරවත් සාරධර්ම රැසක් ඔප්නංවන තෛපොංගල් මගින් දෙන පණිවුඩය සමස්ත ලෝකයටම සර්ව කාලීනව වැදගත් වන බව ගරු කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. තෛපොංගල් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත. මිහිපිට පවතින සකලවිධ ජීවයෙහි පැවැත්ම පදනම් වන්නේ සූර්යාගේ ශක්තිය මත බවට නූතන විද්‍යාව මඟින් තහවුරු කිරීමට වසර දහස් ගණනකට පෙර නිවැරදිව අවබෝධ කරගත් පැරණි ජනතාව විසින් හිරු දෙවියන් කෙරෙහි වන්දනාමාන කිරීම සෑම ශිෂ්ඨාචාරයකම පොදු ලක්ෂණයක් බවත් සූර්යා මූලික කරගත් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීමේ චාරිත්‍රය උසස් මානව ගුණයන් ප්‍රකට කරවන්නක් බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත. එවැනි වැදගත් සාරධර්ම පද්ධතියකට සමීපව නව අවුරුදු උදාවේ නව ආරම්භයකට සැරසෙන සකල ශ්‍රී ලංකාවාසී සහෘද දමිළ ජනතාවට මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාවටත් සියළු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත සමෘධිමත් තෛපොංගල් සැමරුමක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද කථානායකවරයා සිය නිවේදනය තුළ වැඩිදුරටත් සදමන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට