ප්‍රදේශ රැසකට අද වැසි..
අද (14) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වලටත් උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට ස්ථාන කිහිපයකට පස්වරු කාලයේදී වැසි ඇති වනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.