සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව මේ වන විට යැපෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය මතයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව මේ වන විට යැපෙන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය මත බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුව විසින් දරණ උත්සහයට විරෝධය පළකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා විසිනි. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ භාෂා දෙක අතර යම් යම් පරස්පර අදහස් පවතින අතර ව්‍යවස්ථාව තුළ අඩංගුව ඇති කරුණු මොනවාද යන්න පිළිබදව නිසි අවබෝධයක් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න සහ එම්.ඒ. සුමන්තිරන් වැනි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදෙන සීමිත පිරිස පමණක් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට