සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතිවාදයක් රට තුළ ඇතිකරමින් සිටින පොදු ජන පෙරමුණ සමග එක්වීමෙන් රටට යහපතක් සිදුවන බව සිතිය නොහැකියි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් දේශපාලන බලවේගයන්ගෙන් ආරක්ෂා කර ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න දිගින් දිගටම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් කෘෂි කර්ම අමාත්‍ය යූ.ජී.ඩී ආරියතිලක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට ජාතිවාදී තත්ත්වයක් රට තුළ ඇතිකරමින් සිටින බැවින් එවැනි පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කටයුතු කිරීමෙන් රටේ අනාගතයට යහපතක් වනු ඇතැයි සිතිය නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂය විසින් අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙළ, රටත් ජනතාවත් දිගින් දිගටම අගාධයට යමින් තිබෙන අතර එම තත්ත්වයෙන් රට මුදවා ගතයුතුව ඇති බව අවධාරණය කර සිටින බව ද ආරියතිලක මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ රජික කොඩිතුවක්කු, බේරුවල ආසන සංවිධායක එම්.එම්.එම් අම්ජාඩ්, කෑගල්ල ආසන සංවිධායක බණ්ඩාර අතුකෝරළ, ගම්පහ ආසන සංවිධායක රුවන් රණතුංග සහ හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට