සත්‍යයේ පුවත් අඩහැරය….

සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ දරුණු වධ හිංසාවන්ට ලක්වන තත්ත්වයක් උද්ගත වෙලා – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Podu Jana Peramunaසිරකරුවන් පිළිබදව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රඥපතීන්ට පවා එකගව තිබෙන තත්ත්වයකදී මෙරට සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ වධ හිංසාවන්ට ලක්වන තත්ත්වයක් උද්ගතව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ 2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ අමානුෂික වධ හිංසාවන්ට ලක්වන ආකාරය දැක්වෙන් වීඩියෝවක් අද දින මාධ්‍ය වෙත ලබාදෙන බවයි. මෙම වීඩියෝව මුදාහැරියේ යම් දේශපාලන වාසියක් ලබාගැනීමට හෝ වෙනත් අරමුණක් ඉටුකරගැනීමට නොවන බවත් සිරකරුවන් වුවත් ඔවුන් ද මනුෂ්‍යයින් වන බැවින් ඔවුනට ද මානව අයිතිවාසිකම් පවතින බැවින් ඒවා ආරක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බව ද නීතිඥ සේනක පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසා සිටියේ සිරකරුවන්ගේ සුවදුක් විමසීම සදහා පැමිණෙන ඥාතීන්, පොලිස් විශේෂ කාර්ය බාලකායේ නිලධාරීන් යොදවා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් රැදවියන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීම, මෙසේ එම රැදවියන්ට දරුණු ලෙස වධ හිංසා කිරීමට හේතුව වූ බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර සිරකරුවන්ගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බවද සුදේශ් නන්දිමාල් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට