සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික අංශ සේවක වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමිය යුතුයි – අන්තර් සමාගම් සේවක සංගමය

Podu Jana Peramunaදැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පුද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව අන්තර් සමාගම් සේවක සංගමය අනතුරු අගවා සිටියි. අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ 2015 වසරට සාපේක්ෂව මේ වන විට ජීවන වියදම දැවැන්ත ලෙස ඉහළගොස් ඇති බවයි. සේවකයින්ගේ අයිතිවාසිකම් සූරාකෑම සදහා හාම්පුතුන් හට අවස්ථාව සලසා ඇති මෑන් පවර් ආයතන යළි පිහිටුවීමේ උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පුද්ගිලක අංශයේ සේවකයින් මුහුණ දී ඇති මෙම අර්බුදකාරී තත්ත්වයට එරෙහිව වැඩබිම්, ආයතන කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී සම්මන්ත්‍රණ, දැනුවත් කිරීමේ හමු පැවැත්වීමට කටයුතු කරන බව ද වසන්ත සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මේ වන විට මෙරට ගොවියා දැඩි පීඩාවකට පත්කර ඇති “සේනා” නම් වූ දළඹු විශේෂය බහු ජාතික සමාගමක් විසින් මෙරටට ගෙන්වා ඇති බවත් මෙම තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළයුතුව ඇති බව ද වසන්ත සමරසිංහ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට