සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාව අසීරුතාවයට සහ පීඩාවට පත්කරමින් බදු පනවන එකම රට ලෙස ශ්‍රී ලංකාවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaපරිසරයට සිදුවන හානිය මුල්කරගනිමින් වාහන හිමියන්ගෙන් කාබන් බද්ද අයකිරීමට ආණ්ඩුව කටයුතු කළද එවැන්නක් සිදුකළයුතුව ඇත්තේ පරිසර අමාත්‍යංශය විසින් බවත් මෙය නීත්‍යානුකූල නොවන ආකාරයේ මුදල් රැස්කිරීමක් දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජනතාව අසීරුතාවයට සහ පීඩාවට පත්කරමින් බදු පනවන එකම රට ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ සහ පාර්ලිමේන්තුවරුන්ගේ අදහස් එකිනෙකට පරස්පර වියහැකි බවත් මහලේකම්වරයා පවසන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

වැදගත් වන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ද යන්න නොව සියළු පාර්ශව ඒකරාශිව සුදුසු පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම බව ද එස්.බී දිසානායක මහතා තවදුරටත් පවසා සිටින ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වී අදහස් දක්වන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට