සත්‍යයේ පුවත් අඩහැරය….

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීම සෙවීමට දෙවන කණ්ඩායමත් පිටත්වේ..

Podu Jana Peramunaඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කණ්ඩායමත් පත් කෙරේ. ඒ අනුව එම කණ්ඩායම (21) දින සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලබයි. එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර විෂය භාර අමාත්‍යතුමියට භාරදීමට නියමිතව ඇත. පසුගිය දින අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.එම්.එම්.එම්.බස්නායක මහත්මිය සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඩී.ඒ.ස්වර්ණලතා මහත්මිය අදාළ කම්ටුවේ සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම හෙට සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතකෝරළ මහත්මියට භාර දීමට නියමිතව ඇත.

ඊට අමතරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පත්කළ පළම කණ්ඩායමේ වාර්තාව ලබන සදුදා ලබාදීමට නියමිතයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට