සත්‍යයේ පුවත් අඩහැරය….

නිසි සාක්ෂි නොමැතිව බන්ධනාගාරගත කර සිටින රණවිරුවන් හට නිදහස ලබාදෙන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaනිසි සාක්ෂි නොමැතිව මේ වන විට බන්ධනාගාරගත කර සිටින රණවිරුවන් හට එළඹෙන නිදහස් දිනය දා නිදහස ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. මෙහිදී තවදුරටත් අදහස් පළකරමින් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේ මරණ දඩුවම ලබාදුන් පුද්ගලයෙකුට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට හැකි බවයි.

සිංහල ජාතිකත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැන්නවුන් කිසිදු විටෙක මෙරට නිදහස් වෙනුවෙන් කැපවූ රණවිරුවන් සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළනොකරන බවත් දේශපාලකයින් එසේ මුනිවත රැකීම දැඩි කණගාටුවට කරුණක් බවත් අජිත් ප්‍රසන්න මහතා කවදුරටත් පවසා සිටින ලදී. මේ වන විට නිදැල්ලේ සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික කරුණා අම්මාන් සම්බන්ධයෙන් කිසිවෙකුත් අදහස් පළනොකරන අතර කේ.පී නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිය ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැති බවද සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුණ ඇතිව ලබන පෙබරවාරි මස 01 වනදා කොළඹ, ගාලු මුවදොර පිටියේදී සිරගත කර සිටින රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ ආබාධිත රණවිරුවන් සමග එක්ව දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සාමාජික විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට