සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වානිජමය ණය ගත්ත ද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර වෙනත් අවශ්‍යතා සදහා යෙදවීමෙන් රට තුළ දැවන්ත අර්බුයක් නිර්මාණය වේවි – පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන

Podu Jana Peramunaඅවශ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ ප්‍රතිපාදන ලබාදී ඇති බැවින් ජනතා පරමාධිපත්‍ය බලයේ සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ වැදගත් භූමිකාව සතු වන මැතිවරණ කොමිෂන් සභාවට, එම වගකීම වෙනත් කිසිදු පාර්ශවයක පැවරිය නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ පැවති මැතිවරණ ක්‍රමය වෙනස් කර නව මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීමට ආණ්ඩුව කටයුතු කළේ පැරණි ක්‍රමය සතුව පැවති දුර්වලතාවයන් නිසා නොව පළාත් සභ මැතිවරණය දිගින් දිගටම කල්දැමීමේ වුවමනාව මත බවයි.

මෙරට පළාත් සභා 09 න් 08 කම නිල කාලය ලබන අප්‍රේල් මාසයෙන් පසු අවසන් වන නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙනී යන අතර සරළ සංශෝධනයක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුවට බලකර සිටින බවද ජී.එල්. පීරිස් මහතා තවදුරටත් පවසා සිටින ලදී. වත්මන් ආණ්ඩුව පෝෂණය කරන ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය නොමැතිව යම් පනතක් සම්මත කරගැනීමට මෙන්ම කැබිනට් තීරණ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් පාර්ලිමේන්තු රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී ද විදෙස් ණය ලබාගත්ත ද ඉන් ක්‍රියාත්මක කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, දක්ෂිණ අධිවේගය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මගින් රටට විශාල ආදායමක් හිමිවන බවත් වත්මන් ආණ්ඩුව වානිජ්‍ය වශයෙන් ණය ලබාගත්ත ද ඉන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකොට වෙනත් අවශ්‍යතා සදහා යෙදවීම නිසා රට තුළ දැවන්ත අර්බුයක් නිර්මාණය වනු ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට