ජාතික පාසැල් වල පැමිණිලි භාරගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්..
ජාතික පාසැල් වල දරුවන්ගේ දෙමව්පියන්ගෙන් පාසැලේ කටයුතු සදහා යැයි පවසමින් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු ජාතික පාසල් ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කර සිටියි. ජාතික පාසල්වලට අදාළ පැමිණිළි භාරගැනීම සදහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියකගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.