සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාට නොතීසි..

Podu Jana Peramunaපෙබරවාරි මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වෙත නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතාට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් වභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත. මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර ,හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් විසින් අදාළ පෙත්සම ගොනුකර ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 18 වැනි දින කොළඹදී පවත්වන ලද මහජන රැළියකදී හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා විසින් දැක්වූ අදහස් තුළින් අධිකරණයට අපහාස වූ බවට චෝදනා කරමින් අදාළ පෙත්සම ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට