සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“නිදහසට හරි මග” යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගට ගැනීමට කටයුතු කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Bombශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට සිටින මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂයේ රැදී සිටින්නේ කැමැත්තකින් නොවන අතර බලහත්කාරයෙන් සහ මර්දනකාරීව ඔවුන් පක්ෂය තුළ රදවා තබාගෙන ඇති බවත් ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවක් ලදහොත් එම පිරිස තම කණ්ඩායම සමග එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි.ඊයේ (24) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු පළක් නොවන අතර ඉන් සිදුවන්නේ පක්ෂයට අවාසිසහගත තත්ත්වයක් උද්ගත වීම බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව ආසන සංවිධායක නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසා සිටියේ ඉදිරි ජාතික මැතිවරණ වලදී පුළුල් කාර්යභාරයක් සිදුකිරීම සහ බලපෑමක් කිරීමේ අරමුණින් ජාතික මහජන මධ්‍යස්ථානය ලෙස මෙම මාධ්‍ය හමුව පවත්වන ස්ථානය නම් කර ඇති අතර භික්ෂූන් වහන්සේලා, සිවිල් සංවිධාන, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, තරුණ සංවිධාන සහ නීතිඥයින් ඇතුළු පාර්ශව රැසක් ජාතික මහජන මධ්‍යස්ථානය වෙත එක්කරගනිමින් “නිදහසට හරි මග” යන්න තේමාව කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි ගමන් මගට ගැනීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්කර ඒ තුළින් බලය ලබාගැනීම තම කණ්ඩායමේ මූලික අරමුණ වන අතර පක්ෂයක් ලෙස පාලන බලය ලබාගැනීමේදී වෙනත් පක්ෂයක නැට්ටක් බවට පත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද නීතිඥ රජික කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. රාජපක්ෂවරුන් මෙන්ම ඔවුන්ගේ දේශපාලනය කිසිදු විටෙක අනුමත නොකරන අතර වෙනත් පක්ෂයක අරමුණු ඉටුකිරීමට කිසිදු විටෙක කටයුතු නොකරන බවත් ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට තම කණ්ඩායම සමග එක්විය හැකි බව වැඩිදුරටත් සිය අදහස් පළකළ  රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කරන ලදී.

ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවුනහොත් කිසිදු විටෙක රාජපක්ෂවරුන්ට තම සහය ලබානොදෙන බව ද කොඩිතුවක්කු මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බේරුවල ආසන සංවිධායක එම්.එම්.එම් අම්ජාඩ්, හොරණ ආසනයේ කාන්තා බල මණ්ඩල සභාපතිනි නිමන්ති පීරිස් සහ කැස්බෑව ආසනයේ කාන්තා බල මණ්ඩල ලේකම් මධුශානි නතාශා යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට