සත්‍යයේ පුවත් අඩහැරය….

6/2006 වැටුප් චක‍්‍රලේඛයේ ගැටළු විසදීමට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව එළිදක්වන්න, ලංකා තැපැල් සේවා සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

Bombනව වැටුප් කොමිසමෙහි වාර්තාව තැපැල් සේවකයින් වෙත ලබාදීමට කටයුතු කරන්නැයි ලංකා තැපැල් සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන සභාපති ජගත් මහින්ද මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ. වසර 12 ක කාලයක් තිස්සේ 6/2006 වැටුප් චක‍්‍රලේඛණය තැපැල් සේවකයන් දැඩි පීඩාවට ලක්කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තැපැල් සේවකයින් විවිධ විරෝධතා දියත් කරන ලද බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නව වැටුප් කොමිසමක් පත්කරන ලද බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය. අදාළ කොමිෂන් සභාවෙහි වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව දැනගන්නට ලැබී ඇති බැවින් තැපැල් සේවක ගැටළු විසදා ගැනීම සදහා අදාළ වාර්තාව කඩිනමින් තැපැල් සේවකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස ලංකා තැපැල් සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට