සිංගප්පූරු දෙදින නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට..
දෙදින නිල සංචාරයක් සදහා සිංගප්පූරුව බලාපිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) රාති‍්‍ර 11.15 ට පමණ කටුනායක ගුවන් තොටුතොටුපළෙන් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සංචාරය අතරතුර දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් සාකච්ඡා රැසක් ද පවත්වන ලදී.