ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, ප්‍රකාශයක් දීමට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් CID යට..
පසුගියදා හෙළිදරව් වූ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව වාර්තා වේ. ඒ අනුව මුසම්මිල් මහතා අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට නියමිතව ඇත. අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුව ප්‍රකාශයක් ලබාදෙන ලදී.