අයිස් හා ගංජා සමග 6 ක් පොලිස් දැලේ, මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකුත් ඒ අතර..
අයිස් නමැති මත්ද්‍රව්‍ය හා ගංජා සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු රත්නපුර, ඉඳුරුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් අතර පාතාල සාමාජිකයෙකු වන මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතමයෙකු ද වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. 29 හැවිරිදි අදාළ පුද්ගලයා සහ ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ද අත්අඩංගුවට පත් පිරිසේ සිටින අතර ඔහු අපරාධ නඩු පහක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින අයෙකු බව ද අනාවරණය වී ඇත.