සත්‍යයේ පුවත් අඩහැරය….

මහාපරිමාණයෙන් මත්කුඩු මෙරටට ගෙන්වන්නේ ජනපති වටා සිටින දියවන්නාවේ සෝදාපාළුවන් පිරිසයි – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Bombමත්ද්‍රව්‍ය අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදිය යුතු යැයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීමට නොව සිය දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට බව මනාව පැහැදිලි වන බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කර සිටියි. ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා විසිනි. සිය අදහස් දක්වමින් සේනක පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේ යම් අයෙකු වරදකරුවෙකු බවට පත්වන්නේ උපතින් නොව, සමාජියේ විෂමතාවය සහ අසහනය නිසාවෙන් වන බැවින් අපරාධ වැළැක්වීම සදහා යැයි පවසමින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිසේතම එකග විය නොහැකි බවයි.

අපරාධකරුවෙකු නිසි මගට ගැනීමට කළයුත්තේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම නොව, නිසිපරිදි පුනරුත්ථාපනය කර සමාජගත කිරීම වුවත් ඒ සදහා මෙරට තුළ ස්ථාපිත කර බන්ධනාගාර වලදී සිරකරුවන්ට දැඩි වධහිංසාවන්ට, පහරකෑම් වලට මුහුණ දීමට සිදුව ඇති බවයි. අපරාධකරුවන් නිසි පරිදි පුනරුත්ථාපනය නොකර මේ අාකාරවය මරණ දඩුවම ලබාදීමට තීරණය කරන ලද්දේ මන්දැයි විමසා සිටින අතර මානව හිමිකම් සහා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ලොව බොහෝ රටවල් මරණ දඩුවම පිළිනොගන්නා බව ද සේනක පෙරේරා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසා සිටියේ මෙරට මත්ද්‍රව්‍ය අපරාධයන්ට සම්බන්ධ ඉහළපෙළේ පුද්ගලයින් වැඩි පිරිසක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින දියවන්නාවේ සෝදාපාළුවන් බවයි. එම ආරක්ෂා කරමින් ඊට පහළින් සිටින පිරිස් එල්ලුම් ගස් යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සහ කරමින් සිටින බව ද සුදේශ් නන්දිමාල් මහතා තවදුරටත් මෙහිදී කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයින් වන ෂර්මිලා ලියනාරච්චි සහ ලාල් පෙරේරා යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට