විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු රේගු දැලේ..
විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (29) අළුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත රුපියල් ලක්ෂ 18 ක් වටිනා දුම්වැටි 33,800 කින් යුත් අදාළ තොගය මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.