සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති ඥාණසාර හිමියන් නිදහස් කරන්න, බොදු බල සේනා සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Bombරට වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අද වන විට දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති බවත් උන්වහන්සේ මීට කාලයකට පමණ පෙර සදහන් කරන ලද කරුණු අද වන විට සත්‍ය බව මනාව සනාථ වන බවත් බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහබාගි වූ  බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි මේ වන විට මහනායක හිමිවරුන් විසින් පවා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඥාණසාර හිමි නිදහස් කිරීමට කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත් ඥාණසාර හිමියන් රටට අවශ්‍යමවී ඇති කාලය මේ වන විට උදාවෙමින් පවතින බැවින් මෙම නිදහස් දිනය දා උන්වහන්සේට නිදහස් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සුදත්ත හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

සිය අදහස් දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි තවදුරටත් පවසා සිටියේ ලබන නිදහස් දිනය දා ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදුන්වාදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා ඇති බවත් පසුගිය දිනෙක වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පවසා සිටි ආකාරයට මෙවර සැමරීමට සිදුවන්නේ මෙරට අවසන් ජාතික නිදහස් දිනය දැයි සැකයක් මතුවන අතර ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සදහා භික්ෂුන් වහන්සේලා නොමැතිව එය ජාතික උරුමයක් හෝ ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පළක් නොමැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ රාවණා බලය සංවිධනායේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සිය අදහස් දක්වමින් පවසා සිටියේ තමන් ඝාතනය කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයාට සමාව ලබාදුන්නේ නම් රට වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමයන්ට සමාව ලබාදිය නොහැක්කේ මන්දැයි විමසා සිටින බවයි.

විසුරුවා හරින ලද පළාත් සභාවන්හි මැතිවරණය නිසි කලට පැවැත්විය නොහැකි නම් මෙරටට මැතිවරණ කොමිෂන් සභාවක් අනවශ්‍ය බවත් වහාම ඉල්ලා අස්වී මහණ වීම සදහා පැමිණෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට තමන් ආරාධනා කරන බවත් ඥාණසාර හිමියන් වැනි සංඝ පීතෘවරයෙකුට සමාව දී යහපත් බෞද්ධයෙකු සහ සංවේදී නායකයෙකු ලෙස ඉදිරි ආත්මයකදී නිවන් දැකීම සදහා පින් සිදුකරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සිංහලේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට