සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සේනා දළඹුවා” මර්දනයට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නෑ, දළඹු උවදුර ව්‍යාප්ත වුවහොත් ආහාර හිගයක් ඇතිවේවි – වියත් මග සංවිධානය

Bombමේ වන විට මෙරට වාගාවන්ට දැඩි හනියක් සිදුකර ඇති “සේනා දළඹුවා” මර්දනය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව අසමත් වීමෙන් දිනෙන් දිනම මෙම උවදුර ව්‍යාප්ත වෙමින් පවතින බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වියත් මග සංවිධානයේ සාමාජික, මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙම දළඹු උවදුර නිසා බඩ ඉරිගු වගානොකරන්නැයි පැවසීම ප්‍රායෝගික විසදුමක් නොවන අතර යම් හෙයකින් වී වගාවට මෙම දළඹු උවදුර බලපෑවහොත් වී වගා නොකරන ලෙස ද බලධාරීන් ගොවීන්ට උපදෙස් දෙනු ඇති බවත් එසේ වුවහොත් රට තුළ ආහාර හිගයක් පවා ඇතිවනු ඇති බවත් එබැවින් මේ සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් නිසි පිළියමක් යෙදිය යුතුව ඇති බවයි.

මුදල් ඉපයීමේ අරමුණ පමණක් ඇතිව මේ වසරේ අප්‍රියෙල් මස සිට ආණ්ඩුව විසින් කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති අතර එය ඉතා අසාධාරණ ලෙස බදු අයකිරීමක් වන අතර පරිසර හිතකාමී බවට මුල්තැන දෙමින් ලොව සංවර්ධිත රටවල් 10 පමණ පමණක් මෙම බද්ද අයකරන අතර ජාත්‍යන්තරව එකගවී ඇති ගිවිසුම් උල්ලංඝණය කරමින් මෙරට බලධාරීන් මෙම බද්ද පනවා ඇති බව ද ප්‍රේමලාල් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් යනුවෙන් ක්‍රියාවලියක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර ආණ්ඩුවේ වාසිය තකා පමණක් මෙවැනි සූත්‍ර සහ බදු භාවිතා කරන බව මැනවින් පැහැදිලි වන බව ද මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා වියත් මග සංවිධානයේ සාමාජිකයින් වන ගණකාධිකාරී ජයම්පති මොල්ලිගොඩ, නීතිඥ දර්ශනී ලහදපුර යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට